ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතා ලැයිස්තුවේ තෙවැනි තැනට

ජූලි 12, 2022

    සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් තරඟයෙන් ඉනිමක හා ලකුණු 39 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් විය.

    ගාල්ලේ පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක පරාජයෙන් ගැලවීම සදහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 190 ක ඉලක්කයක් හිමිව තිබූ අතර කෙසේ නමුත් ඔවුන්ට සිය දෙවැනි ඉනිමේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 151 ක් පමණයි.

    පන්දුවට පහරදීමේදී Marnus Labuschagne ලකුණු 32ක්, Usman Khawaja ලකුණු 29ක්, David Warner ලකුණු 24ක් හා Pat Cummins (c) ලකුණු 16 ක් ලබා ගැනීමට සමත් විය.

    පන්දු යැවීමේ දී පළමු ඉනිමේ දී ද කඩුලු 6ක් දවා ගත් ප්‍රභාත් ජයසූරිය දෙවැනි ඉනිමේ දී ද ලකුණු 59කට කඩුලු 6ක් බි​ඳ හෙලීය.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ තර​ඟයේ දී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා ලෙසයි ඔහු වාර්තා අතරට එක් වුණේ.

    ඒ අනුව, දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය.

    Latest News