ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශුරතාව, චෙක් ජාතික බාබරාට

ජූනි 13, 2021

    ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශුරතාව දිනා ගැනීමට චෙක් ජාතික බාබරා ක්‍රෙජ්සිකෝවා සමත්වූවාය.

    ඇය තම ටෙනිස් දිවියේ දිනාගත් පළමු ග්‍රෑන්ඩ්ස්ලැම් ටෙනිස් ශුරතාව මෙයයි. තරගාවලියේ අවසන් තරගය ඊයේ පැවැත්විණ. චෙක් ජාතික බාබරා ක්‍රෙජ්සිකෝවා සමඟ අවසන් තරගයට පිවිසියේ රුසියාවේ ඇනසේසියා පවුලෙන්කෝවායි.

    තරගයේ පළමු වටය බාබරා ලකුණු 6-1ක් ලෙස ජය ගත්තාය. නමුත් ඇය දෙවන වටය පරාජයට පත්වුණේ ලකුණු 6-2ක් ලෙසයි. තීරණාත්මක තෙවැනි වටය ලකුණු 6-4ක් ලෙස ජයගත් බාබරා ක්‍රෙජ්සිකෝවා ප්‍රංශ විවෘත ටෙනිස් කිරුළ දිනාගත්තාය.

    ඇය තම ටෙනිස් දිවියේ ලබාගත් සිව්වැනි ජාත්‍යන්තර ජයග්‍රහණය මෙයයි.

    Latest News