යුපුන්ගෙන් ඉහළ දස්කම්

ජූනි 11, 2021

    ඉතාලියේ ෆ්ලොරෙන්ස්හි පැවති ෆ්ලොරෙන්ස් ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර් 100 ඉසව්වට සහභාගි වූ යුපුනු අබේකෝන් එම තරගාවලියක දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු දැක්වූ ඉහළම දක්ෂතාව දැක්වීමට සමත්විය.

    යුපුන් තරගය නිමා කළේ තත්පර 10.16කින්. ඉතා සුළු ප්‍රමාදයක් නිසා ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරී‍මේ අවස්ථාව යුපුන්ට මඟහැරිණ. ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ඩයමන්ඩ් ලීග් තරගාවලියකට සහභාගි වූ පළමු අවස්ථාව මෙය වන අතර මීටර් 100 ක්‍රීඩා ඉසව්වේ නිරත ලොව ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මේ තරගයට එක්වූහ.

    මේ වසරේ පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට තවමත් යුපුන් සමත් වී නැතත්, ඊට සුදුසුකම් ලැබීමට ඔහුට වැඩි ඉඩක් පවතී. ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ කාලසීමාව ලබන 29 වැනිදා අවසන්.

    Latest News