අවිධිමත් සංචාරක ක්ෂේත්‍රය නැංවීමට රජයෙන් රුපියල් බිලියන 1.5 ක්

මැයි 31, 2019

    පාස්කු ත්‍රස්ත ප්‍රහා‍රයෙන් බිඳවැටුණු අවිධිමත් සංචාරක ක්ෂේත්‍රය නඟාසිටුවීම සඳහා රජය රුපියල් බිලියන 1.5 ක "සංචාරක පොඩ්ඩෝ" විශේෂ සහන පැකේජයක් හඳුන්වා දේ.

    මේ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

    ඉකුත් පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් බිඳවැටුණු අවිධිමත් සංචාරක ව්‍යාපාරය නඟාසිටුවීම සඳහා මෙම සහන පැකේජය හඳුන්වා දී තිබේ.

    මෙම පැකේජය හඳුන්වා දී ඇත්තේ, ණය යෝජනා ක්‍රමයක් ලෙසයි.

    මෙහිදී රුපියල් ලක්ෂ පහක ණයක් ලබාදේ.

    ඒ පොලී රහිතවයි.

    මෙය වසර තුනකින් ගෙවිය යුතු අතර ඒ සඳහා මාස දොළහක සහන කාලයක් ලබදේ.

    මෙය ලබාදෙන්නේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් පමණයි.

    Last modified on සිකුරාදා, 31 මැයි 2019 14:50

    Latest News