පොලිස් ලියකියවිලි නීති විරෝධීව ලඟතබා ගත් තරුණයෙකු රිමාන්ඩ්

අප්‍රේ 30, 2019

    ව්‍යාජව සකස් කළ, පොලිස් නිෂ්කාශන වාර්තා සහ පොලිසියට අයත් ලදුපත් ලඟ තබා ගෙන සිටි මුස්ලිම් තරුණයෙක් ලබන14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

    කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද(30 ) මේ නියෝගය සිදු කළේ වංචා විමර්ශන කොට්ඨාසය විසින් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

    සැකකාර තරුණයා ඔහුගේ සීයාගේ රත්නපුර කහවත්ත පිහිටි නිවසේදී මේවා තබාගෙන තිබෙන බව පොලිසියට ලද තොරතුරක් මත තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී කළ පරික්ෂණවලදී මෙම ව්‍යාජ ලේඛන සොයා ගෙන ඇත.

    තවද සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

    සැකකාර තරුණයා මෙම සිද්ධියට සම්බන්ධ නැති බවත් සුදුසු ඇපයක් මත ඔහු මුදා හරින ලෙසත් නිතිඥවරුන් අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත් වරයා ලබන 14 වනදා දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

    Latest News