ජාතික පිරිවෙන් දිනයට සමගාමීව මෙය ක්‍රියාත්මකයි. දිවයින පුරා පිහිටි පිරිවෙන් 814ක් සහ බෞද්ධ දස සිල්මාතා අධ්‍යාපන ආයතන 11ක් කේන්ද්‍ර කරගනිමින් රතන සූත්‍රය සජ්ජායනය සිදු කෙරේ.
මෙය, පළාත් මට්ටමින් ද සංවිධාන කර ඇති බව, දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, බස්නාහිර පළාතේ රතන සූත්‍රය සජ්ජායනය ඊයේ සංවිධාන කර තිබුණේ, කඩුවෙල, කොතලාවලපුර තක්ෂිලා මහ පිරිවෙනේදී.