අලුතින් හුදකලා කල සහ හුදකලා බව ඉවත් කල ප්‍රදේශ....

මැයි 17, 2021

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝවුඩ්, බගවන්තලාව, හැටන් යන පොලිස් බල ප්‍රදේශ තුනේ ග්‍රාම නිලධාරි වසම් 9ක් ද හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

    මේ අතර දිස්ත්‍රික්ක 7ක ග්‍රාම නිලධාරි වසම් 37කට පනවා තිබූ හුදකලා තත්වය අද උදෑසන 6.00 සිට ඉවත් කෙරිණ. 

    ත්‍රිකුණාමල උප්පුවේලි, චයිනබේ යන පොලිස් බල ප්‍රදේශවල ග්‍රාම නිලධාරි වසම් 2ක් එලෙස හුදකලා බවින් ඉවත් කර තිබේ.

    කළුතර දොඩංගොඩ, මීගහතැන්න, පානදුර දකුණ, බණ්ඩාරගම යන පොලිස් බල ප්‍රදේශ හතරේ ග්‍රාමනිලධාරි වසම් 10ක හුදකතා තත්වය ද අද උදෑසන 6.00න් අවසන් කෙරිණ.

    මඩකලපුව මන්මුනේ උතුර පොලිස්බල ප්‍රදේශයේ තිස්සවීරසිංගම් චතුරශ්‍රය ග්‍රාම නිලධාරි වසම හා නුවරඑළිය වලපනේ සහ හඟුරන්කෙත යන පොලිස් බල ප්‍රදේශවල ග්‍රාම නිලධාරි වසම් 2ක් ද මීට අයත්.

    ගම්පහ දොම්පේ, කිරිඳිවැල යන පොලිස් බල ප්‍රදේශ දෙකේ ග්‍රාම නිලධාරි වසම් දෙකක් ද අද උදෑසන 6.00 සිට හුදකලා බවින් ඉවත් කෙරිණ.

    පොළොන්නරුව, ඇලහැර පොලිස් බල ප්‍රදේශයේ සරුබිම ග්‍රාම නිලධාරි වසමේ බටුහේන ගම්මානයේ හුදකලා බව ද ඉවත් කර තිබේ.

    කුරුණෑගල කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ හුකලා බව ඉවත් කෙරුණු ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව 19ක්.

    Latest News