ආණමඩුව - බංගදෙණිය මාර්ගයේ සේරුකැලේ ප්‍රදේශයේදී අද (20) උදෑසන එම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.
මෝටර් රථය රියදුරුට පාලනය කර ගත නොහැකිව පෙරළීයාමෙන් එම අනතුර සිදුව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මෝටර් රථය තුළ සිටිය ද ඔහුට කිසිදු අනතුරක් සිදුවී නොමැති බව සඳහන් වේ.
අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ප්‍රතිකාර සදහා හලාවත මූලික රෝහලට ඇතුළත් කෙරිණ.