නාය අවදානම් සහිත පවුල් නැවත පදිංචි කිරීම කඩිනමින්

ජන 02, 2021

    නාය යෑමේ අධි අවදානමට ලක්වූ ප්‍රදේශවල ජීවත් වන පවුල් වෙනත් ස්ථානවල නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට රජය තීරණය කර තිබේ.

    නාය යෑමේ අධි අවදානම පවතින ප්‍රදේශවල පවුල් 15,801ක් ජීවත් වන අතර ඔවුන් නැවත පදිංචි කිරීම සඳහා ක්‍රියාත්මක කළ නිවාස ව්‍යාපෘතිය විවිධ හේතු මත මන්දගාමී වී ඇති බව රජය හඳුනා ගෙන තිබේ.

    මේ ව්‍යාපෘතිය යටතේ මේ වන තෙක් නැවත පදිංචි කිරීමට හැකියාව ලැබී ඇත්තේ පවුල් 15,801න් පවුල් 4,700ක් පමණි.

    එහෙත් මේ ප්‍රදේශවල ජනතාවට දිනපතාම පාහේ අවදානමක් සහිතව ජීවත්වීමට සිදුවීම සැලකිල්ලට ගෙන ඔවුන් වෙනුවෙන් වන නිවාස ව්‍යාපෘතිය කොන්ත්‍රාත්කරු මෙහෙය වන ව්‍යාපෘතියක් ලෙස කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා බව වාර්තා වේ.

     

    Latest News