තවත් කොරෝනා ආසාදිතයින් 287ක්

නොවැ 24, 2020

    නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 287 දෙනෙකු වාර්තා වී තිබෙන බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කළා.

    කොවිඩ් ආසදිතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන් 465දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටවගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.

    මේ අනුව සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සමස්තය 14,962ක් දක්වා ඉහල ගොස් ඇත.

    කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 1059 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ දිනයේ ද පොලිස් නිලධාරීන් 20 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනිණ.

    එම සංඛ්‍යාව මෙතෙක් දිනකදී හඳුනාගත් අවම ආසාදිතයින් සංඛ්‍යාව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.

    මේ වනවිට සුවය ලබා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 600 කි.

     

    අම්බලන්ගොඩ නගරයේ ප්‍රධාන පාසල් දෙකක ඉගෙනුම ලබන එකම පවුලේ ළමයින් දෙදෙනෙකුගේ මවට සහ පියාට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (24) තහවුරුවීම නිසා එම පන්ති දෙකේ සිසුන් සහ ගුරුවරුන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට උපදෙස් දුන් බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ.සිංගාරච්චි මහතා පැවසීය.

    නව පාසල් වරාය ආරම්භ වීමෙන් පසු, ඊයේ (23) දිනයේදී එම සිසුන් පාසල් වෙත පැමිණ තිබිණි.

     

    බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු කොවිඩ් 19 ආසාදිතයකු බවට සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන ඇතැයි බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න මහතා බේරුවල කරුණාසේන පුරනිවසේ දී පැවසීය.

    කොරෝනා ආසාදනය වී ඇත්තේ, දර්ගා නගරයේ පදිංචි මන්ත්‍රීවරයෙකුටය.

    මේ හේතුවෙන් තමාද, තම රියදුරා හා තවත් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ද අද (24) සිට නිරෝධායනය වන බව සභාපතිවරයා සඳහන් කළේය.

    කොවිඩ් ආසාදිත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පැමිණි බව කියන බේරුවල ප්‍රාදේශීය සභාවේ දර්ගානගරය උපකාර්යාලය ද දෙසැම්බර් 07වැනි දින තෙක් වසා තබන බවට නිවේදනය කර ඇතැයි ද හෙතෙම පැවසීය.

     

    හුදෙකලා කරන ලද බණ්ඩාරගම අටලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් හතේ පදිංචිකරුවන් ගේ සංචරණ යන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඩ්‍රෝන කැමරා මගින් පරික්ෂා කිරීම යුදහමුදා රෙජිමේන්තුව මගින් අද (24) සිදු කෙරිණි.

    අටුලුගම නැගෙනහිර, අටලුගම බටහිර, කොරාවල, ගල් ගේ මණ්ඩිය, එපිටමුල්ල, බෝගහවත්ත හා බමුණුමුල්ල 659 ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි ඩ්‍රෝන කැමරා යෙදවීය.

    Latest News