කොරෝනා වැළැක්වීමේ එන්නත නිෂ්පාදන කණ්ඩායමේ ලාංකීය වෛද්‍යවරියක්

නොවැ 24, 2020

    ගෝලීය අර්බුද රැසක් ඇති කළ කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා ගෝලීය වයිරස වසංගතය මර්දනය කිරීම සඳහා මේ වනවිට එන්නත් නිෂ්පාදනය වෙමින් සංවර්ධනය කෙරෙමින් තිබේ.

    මේ වනවිට ඇමෙරිකාවේ විද්‍යාඥයන් සොයාගත් එන්නත් දෙකක් 95%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙන අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගම නිෂ්පාදනය කළ එන්නත 90%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත.

    ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගම නිෂ්පාදනය කළ කොවිඩ් - 19 එන්නත සාර්ථක කරගැනීමේ කටයුත්ත පිටුපස ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ ශ්‍රී ලාංකිකයකු ද වේ.

    ඇය නමින් ආචාර්ය මහේෂි රාමසාමි ය.

    ඇය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සායනික පර්යේෂිකාවක වන අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල රෝහල්හි ජාතික සෞඛ්‍ය සේවා පදනම් භාරයේ බෝවෙන රෝග සහ ප්‍රතිශක්තීකරණය පිළිබඳ වෛද්‍යාචාර්යවරියකි.

    ආචාර්ය මහේෂි රාමස්වාමි කොළඹ විශාකා විද්‍යාලයෙන් සහ ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලෙන් සිය ප්‍රාථමික සහ ද්විතීය අධ්‍යාපනය ලබා ඇත.

     

    Latest News