අභියාචනය කළ උපාධිධාරින්ගේ පත්වීම් ලේඛනය අද රාත්‍රියේ අන්තර්ජාලයට

නොවැ 24, 2020

    සේවක අර්ථ සාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ සාමාජිකත්වය හිමිව තිබීම හේතුවෙන් පත්වීම් අහිමි වූ උපාධිධාරින්ගේ අභියාචානා සලකා බලා අවසන් බවත්, පත්විම් හිමිවන අයගේ නාම ලේඛනය වහාම අන්තර්ජාලයට නිකුත් කරන බවත් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා අද එම අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට දැනුම් දුන්නේය.

    බොහෝ දුරට අද රාත්‍රීයේ එම ලේඛනය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට එක් කිරීමට හැකිවනු ඇතැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස්විය.

    Latest News