ව්‍යාජ ඩොලර් නෝට්ටු සමග දෙදෙනෙක් අත්අඩංගුවට

නොවැ 24, 2020

    ව්‍යාජ අමෙරිකානු නෝට්ටු 372ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු කන්තලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    කන්තලේ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී අදාළ සැකකරුවන් අත්අඩංගුවටගෙන ඇති බව පොලීසිය පවසයි.

    මෙහිදී එක් සැකකරුවෙකු සතුව තිබී ව්‍යාජ අමෙරිකානු ඩොලර් සියයේ නෝට්ටු 341 ක් සහ අනෙක් සැකකරු සතුව තිබී ව්‍යාජ අමෙරිකානු ඩොලර් සියයේ නොට්ටු 31 ක් සොයාගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරවෙල සහ ඉබ්බාගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.

    ඔවුන් අද (24) කන්තලේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර,  කන්තලේ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Latest News