කොවිඩ්-19; 11,495ක් පූර්ණ සුවය ලබයි (වීඩියෝ)

නොවැ 15, 2020
  • කොවිඩ්-19 රෝගය වැළඳුනු 11,495ක් මේ වනවිට පූර්ණ සුවය ලබා ඇතැයි කොවිඩ්-19 රෝගය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    සුවය ලබා රෝහල්වලින් අද පිටව ගිය පිරිස 171ක්. කොවිඩ්-19 රෝගයෙන් සුවය ලැබූ සමස්ත පිරිසේ ප්‍රතිශතය 67.11ක් වන අතර, 32.54%කට අදාළ පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටී. මෙරටින් කොවිඩ්-19 වැළඳුණු 544 ක් අද හඳුනා ගනු ලැබීය. ඔවුන් පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තාවන රෝගීන්.

    Last modified on ඉරිදා, 15 නොවැම්බර් 2020 20:18

    Latest News