කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ පිරිස 7,723

නොවැ 08, 2020

    කොවිඩ්-19 රෝගයෙන් මේ දක්වා පූර්ණ සුවය ලබා ඇති පිරිස 7,723 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    දිවුලපිටිය කොවිඩ් පොකුර ආශ්‍රීත රෝගීන්ගෙන්, සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති පිරිස 3,887ක්.

    මෙරටින් ඊයේ කොවිඩ්-19 රෝගීන් 449 දෙනෙකු හඳුනාගනු ලැබීය. ඉන් 445ක් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින්. අනෙක් අය විදේශයන්හි සිට මෙරටට පැමිණි අයයි. පූර්ණ සුවය ලබා රෝහල්වලින් ඊයේ පිටව ගිය පිරිස 537ක්.

    මෙරට ඊයේ PCR පරීක්‍ෂණ 11,620ක් සිදු කෙරිණ. මෙතෙක් සිදුකර ඇති සමස්ත PCR පරීක්‍ෂණ සංඛ්‍යාව පන් ලක්‍ෂ අනූ දෙදහස් 218ක්.

    Latest News