සහරාන් ගේ බිරිඳගෙන් සාක්ෂි ලබා ගැනීමේ තීරණය හෙට

ඔක් 22, 2020

    සහරාන් හෂිම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියාගෙන් පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබාගැනීම සම්බන්ධ තීරණය හෙට (23 ) පාස්කු ප්‍රහාරය පිලිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම මගින් දැනුම්දී මට නියමිත බව, එම කොමිසමේ ලේකම් බුවනෙක හේරත් මහතා සඳහන් කරයි.

    රැඳවුම්භාරයේ පසුවන සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා අද දින පාස්කු ප්‍රහාරය පිලිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට සාක්ෂිකාරියක් ලෙස පැමිණියාය.

    කෙසේ වෙතත් සාක්ෂිකාරිය සම්බන්ධයෙන් මේ වනවිට ක්‍රියාත්මක වන නඩු කටයුතු සම්බන්ධයෙන් සලකා බලා නීතිපතිදෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න ඇතුළු නිලධාරීන් සහ ජනාධිපති කොමිසමේ සාමාජිකයින් අතර ඇයගෙන් සාක්ෂි ලබා ගැනිම සම්බන්ධයෙන් තීරණය කිරිමේ සාකච්ජාවක්ද මාධ්‍ය නොමැතිව අද කොමිසමේදී පැවැත්වුණා.

    සහරාන්ගේ බිරිඳ ගෙන් සාක්ෂි විමසනවා ද නැද්ද යන්න අවසන් තීරණය හෙට උදෑසන ප්‍රකාශකට පත් කරන බව කොමිසම දැනුම් දුන්නා.

    මේ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසීම අද ආරම්භ වුණා.

    මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා එහිදී පැයක කාලයක් මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රශ්න කළා.

    Latest News