ගල්කිස්ස ප්‍රදේශයේ සිරවී සිටි පිරිසක් පිටත්කර හැරේ

මැයි 09, 2020

    ඇදිරිනීතිය හේතුවෙන් ගල්කිස්ස ප්‍රදේශයේ කොටුවී සිටින ජනතාව ගම්බිම් බලා පිටත්කර හැරීමේ වැඩපිළිවෙලේ තවත් අදියරක් අද (09) ක්‍රියාවට කෙරුණා.

    ජනතාව ගම්බිම්බලා පිටත්කර හැරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ මූලිකත්වයෙන් සංවිධාන කෙරෙන වැඩසටහනේ හතරවන අදියර යටතේ පුද්ගලයින් 1200 ආසන්න පිරිසක් ගම්බිම් කරා පිටත්කර හැරීමට කටයුතු කෙරිණ.

    ශරීර උෂ්ණත්වය මැන බැලීමෙන් පසු මුඛ ආවරණ සහිතව මෙම පිරිස රැගෙන යාමට පියවර ගත් අතර, දුරස්ථභාවය තබා ගනිමින් ජනතාව බස් රථවල අසුන් ගැන්වීම ද සිදුකෙරුණා.

    ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ පොලිසිය හා නැගෙනහිර පළාත් සභා ආණ්ඩුකාර කාර්යාලය ද මෙම වැඩසටහන සඳහා සහාය ලබාදේ.

    අග්‍රාමාත්‍ය කාර්යාල නිළධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

    Latest News