රාජ්‍ය තාන්ත්‍රිකයන් 5කු ජනපතිට අක්තපත්‍ර භාර දේ (වීඩියෝ)

ජන 20, 2020
  • ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ තානාපතිවරු සිව් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද(20) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

    කටාර් රාජ්‍ය, තුර්කිය, ලක්සම්බර්ග් රාජ්‍ය සහ ස්ලෝවේනියාව සඳහා නව තානාපතිවරු ද පකිස්ථානය සඳහා මහකොමසාරිස්වරයෙක් ද පත්ව සිටිති.

    ශ්‍රි ලංකාව හා මෙම රටවල් අතර අධ්‍යාපන, සංවර්ධන, තාක්ෂණ සහ කෘෂිකාර්මික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී නව රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පෙන්වා දුන්නේය.

    ශ්‍රී ලංකාව සහ සිය රටවල් අතර දිගුකාලීන සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් වරධනය කර ගැනීමට කැපවන බවට ඔව්හු ප්‍රතිඥා දුන්හ.

    Last modified on සදුදා, 20 ජනවාරි 2020 20:19

    Latest News