එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් රට නිදහස් කරගැනීමේ දස වර්ෂ සංවත්සර සැමරුම නිමිත්තෙන් සංවිධාන කෙරුණු සම්බෝධි වන්දනා පිංකම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) සවස පැවැත්විණ.
දේශපාලන මැදිහත්වීම්වලින් තොරව, ත්‍රස්තවාදය මැඩලීමට අවශ්‍ය පූර්ණ බලතල ආරක්ෂක අංශවලට ලබාදී ඇතැයි, අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.
මෙරට ඉපැරණි විහාරස්ථාන සංරක්ෂණය කර රැක ගනිමින් ඒවා මතු පරපුරට දායාද කිරීම අපගේ ජාතික වගකීමක් හා යුගයේ අවශ්‍යතාවක් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
දින දෙකක පෙර අතුරුදහන්ව සිටි රත්නපුර, කහවත්ත වැල්අදුර ප්‍රදේශයේ වයස අවුරුදු 13ක පිරිමි දරුවෙකු හම්බන්තොට මූලස්ථාන පොලීසිය විසින් ඊයේ (19) සොයාගෙන තිබේ.
බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශ සහ අයර්ලන්ත තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ජය හිමිකර ගැනීමට බංග්ලාදේශය සමත්විය.
සිවිල් යුද්ධය නිමවී අභිමානවත් දසවැනි සැමරුම අවස්ථාවේදී සාමය වෙනුවෙන් ඇති ඇල්ම, සාධාරණත්වය හා සංහිඳියාව පිළිබඳ ශ්‍රී ලංකාවට ඇති කැපවීමට සහය පළ කරන බව, අමෙරිකාව පවසයි.
කුමන වටපිටාවක් තුළ දී වුවද පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම ඉඩ තැබිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.