පාස්කු ඉරු දින බෝම්බ පිපිරීම් වලින් තුවාල ලැබූ පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා චීනය රුපියල් මිලියන 17.84 ක මුදලක් පරිත්‍යාග කරයි.
පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන අන්තර් පළාත් බස් රථ වලින් මසකට අයකර ගන්නා මාර්ග බලපත්‍ර ටෙන්ඩර් ගාස්තුවට යම් සහනයක් ලබාදීමට තීරණය කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙරට ජාතික ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සහායට සිවිල් ආරක්ෂක බළකා මූලස්ථාන 23කට අනුයුක්ත 10,247ක පමණ භට පිරිසක් දායකත්වය ලබාදෙන බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ෂරියා විශ්වවිද්‍යාලය නැතහොත් මඩකලපුව මණ්ඩපය නමින් හැඳින්වෙන කිසිදු ආයතනයකට උපාධි පාඨමාලා පැවැත්වීමට කිසිම සංවිධානයනට බලය පවරා නොමැති බව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අවධාරණය කරයි.
කිරිබත්ගොඩ, ඊරියවටිය මාර්ගයේ පිහිටි ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක ඊයේ (06) රාත්‍රී 10.40 ට පමණ හදිසි ගින්නක් හට ගෙන තිබේ.
කටුනායක ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී මෙත්ඇම්පිටමින් හෙවත් අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 901ක් අත්අඩංගුවට ගෙන තිබේ.