ප්‍රංශයේ ඓතිහාසික නොත්‍රදාම් දේවස්ථානයේ ඇතිවු ගින්න සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රංශයේ ජනතාවට සිය කණගාටුව ප්‍රකාශ කරයි.

මිහිතලය මත ජීවයේ පැවැත්ම පිණිස හිරු සඳු නමැති සාධක අතිශයින් තීරණාත්මක වූ හෙයින් දුරාතීතයේ සිටම මිනිස්සු මේ ග්‍රහවස්තු යුගලයට බැතියෙන් වන්දනාමාන කළහ. සොබාදහම දේවත්වයෙන් සැළකීම සාමාන්‍ය ජනතාවගේ මෙන්ම රජුගේ ද පිළිවෙත විය.

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා මත අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ සතර වාහල්කඩ කිරි ඉතිරවීමෙන් අද සහ හෙට (06-07) පැවැත්වෙන ජාතික කිරි ඉතිරවීමේ ජාතික මහා මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ඇල්ජීරියානු ජනාධිපති අබ්දෙල්අසීස් භූටේෆ්ලික් තම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකැත් සීට්ටුව සම්ප‍්‍රදායික චාරිත‍්‍රානුකූලව, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ 50 වන සංවත්සර උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි.

කෙන්යා නිල සංචාරය සාර්ථකව අවසන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද උදේ දිවයිනට පැමිණියේය.

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (13) රාති‍්‍රයේ නයිරෝබි හි ජොමො කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (13) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා අවශ්‍යවන ලෝකයේ භාවිත කරන හොඳම අධි තාක්ෂණික උපකරණ භාවිතය ඉදිරි මාස 2 ඇතුළත අරඹන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.