රටේ ජාතික ආරක්ෂාවට නුසුදුසු සහ අපහාස සිදුවන ප‍්‍රකාශවලින් වළකින ලෙස තමා සියලු දෙනාගෙන් ඉල්ලන බව ජනාධිපතිතුමා පවසයි.

ආර්ථික, වෙළෙඳ සාමාජයීය වශයෙන් මෙන්ම බෞද්ධ ආගමික පුනර්ජීවනය වෙනුවෙන් වූ සියලූ කටයුතුවල දී කාම්බෝජය, ශී‍්‍ර ලංකාව සමඟ ශක්තිමත් ලෙස අත්වැල් බැඳගෙන සිටින බව කාම්බෝජ රජතුමා Preah Bat Samdech Preah Boromneath Norodom Sihamoni ප‍්‍රකාශ කළේය.

පාසල් දරුවන් සඳහා දියර කිරි වීදුරුවක් ලබාදීමේ ජාතික වැඩසටහන අද රත්නපුර,කලවාන,කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී ආරම්භ කිරිමට නියමිතයි.

කුමන තරාතිරමක අයෙකු වුවද මහා සංඝරත්නයට අපහාස කරන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන අතරම පිළිකුල් සහගතව බැහැර කරන බව ජනාධිපතිතුමා පවසයි.

යුරෝපා කොමිසමේ සභාපති තනතුරට ජර්මනියේ උර්සුලා වොන් ඩර් ලේන් තේරී පත්වී තිබේ. එහි මන්ත්‍රීවරුන් අතර පැවති රහස් ඡන්දයකින් අනතුරුවයි, ඇය මෙසේ තේරී පත්වී තිබෙන්නේ.

පොසොන් පොහෝ දා මෙරටට උරුම වූ සහනශීලී ආගමික සංස්කෘතියේ හරය වන අප‍්‍රමාණ මෛති‍්‍රය හා සාමකාමී සහජීවනය පෙරදැරි උත්තරීතර පරමාදර්ශය ලාංකේය ජන හදවත් තුළ තහවුරු විය යුතු මොහොත දැන් උදා වී ඇති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 5 වැනි සමුළුවට (Conference on Interaction and Confidence Building Measures in Asia - CICA) එක්වීමේ තෙදින නිල සංචාරය අරඹමින් ජනපති අද තජිකිස්ථානය බලා පිටව ගියේය.

චීනයේ පැවති අන්තර්ජාතික සමුළුවකට සහභාගී වීමට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු දූත පිරිස අද (16) අලුයම යළි දිවයිනට පැමිණියහ.

ශ‍්‍රී ලංකාවේ මතුව ඇති ත‍්‍රස්තවාදය මැඩලීමට තම පූර්ණ සහය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පළ කරන බව විදෙස් තානාපතිවරු පවසති.

පසුගියදා බෝම්බ ප‍්‍රහාරයට ලක් වූ මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ කටයුතු සොයා බැලීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (23) උදෑසන එම දේවස්ථානය වෙත ගියේය.