රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල,ව්‍යවස්ථාපිත ආයතන හා රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා දක්ෂ හා සුදුසුකම් සහිත පුද්ගලයන් පත් කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය වෘත්තිකයන් සය දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබේ.

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ලෙස තේරි පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් මහතා සුබපැතුම් එක්කර තිබේ.

ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කළ අන්ඳමින්, හැකි ප්‍රථම අවස්ථාවේම මැතිවරණයකට යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගැනීම සඳහා මහනුවර වෙත පැමිණියේය.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා,  අභිනව සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා (19) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හමුවිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) මහනුවර ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකීමට නියමිතයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෙත් පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ සිය නිල කාර්යාලයේ දී රාජකාරී ආරම්භ කළේය. අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ත්‍රිවිධ හමුදා ගෞරව ප්‍රණාමයක් පිරිනැමිණ.

7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගැණුනු ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පණිවුඩයක් නිකුත් කරමින් සුභපැතුම් පිරිනමයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ හත් වන විධායක ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතාව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම විසින් නම් කරනු ලැබිණ.