මොරගහකන්ද - කලුගඟ වාරි ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු කලු ගඟ ජලාශයේ ජලය සුබ මොහොතින් මුදා හැරීම සහ අඹන නව නගරය ආශ්‍රිතව ඉදිවූ රාජ්‍ය ආයතන ජනතා අයිතියට පැවරීමට අද සිදු කෙරේ.

කීර්තිමත් ඉංජිනේරු ඒ.එන්.එස්. කුලසිංහ මහතාගේ ජන්ම ශතසංවත්සරය නිමිත්තෙන් “ක්‍රියාකාරකම් සහිත උද්‍යානය” ජනාධිපතිතුමා අතින් අද (04) විවෘත කෙරිණි.

මෙවර ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය ඉතා නිදහස්, සාධාරණ සහ සාමකාමී ලෙස පැවැත්වීමට හැකිවීම රටේ ජයග්‍රහණයක් බව ජනාධිපතිතුමා පවසයි.

ජපානයේ සිය තුන් දින නිල සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (27) රාත්‍රී යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය.

තාරුණ්‍යය බල ගැන්වීම සහ ඔවුන්ගේ වරප‍්‍රසාද දිනා දීමට ඉකුත් පස් වසර තුළ සුවිශේෂී වැඩකොටසක් ඉටුකළ බව ජනපති පවසයි.

තෙදින සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද ජපානය බලා පිටත්ව ගියේය.

“දවුල්දෙණ ඤාණීස්සර මහා නාහිමි” ගුණානුස්මරණ ගොඩනැඟිල්ල විවෘත කිරීම ජනපති ප්‍රධානත්වයෙන් අද සිදුවිය.

ඉකුත් දශක පහකට ආසන්න යුගයේ පැවති සෑම ආණ්ඩුවක් කාලයේ ම රටේ වන ඝනත්වය පහළ ගොස් තිබෙන අතර, පරිසර සංරක්ෂණය සහ වන සම්පත වර්ධනය කර ගැනීම වෙනුවෙන් පසුගිය සිව් වසර තුළ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ හේතුවෙන් රටේ වන ඝනත්වය යම් ප‍්‍රමාණයකින් වර්ධනය වී තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

 මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ජාවක් ඊයේ රාත්‍රී පැවැත්වුණා.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණ සමඟ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වන්නේ පොදු ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවට එකඟ වන්නේ නම් පමණක් බව ජනාධිපතිතුමා පවසයි.