තෛපොංගල් දින වන්දනාවට පාත්‍රා වන සූර්යයා ජීවිතයට ශක්තියත් ගනඳුරු දුරුලන ආලෝකයත් වන්නේ යම් සේ ද උත්තරීතර මානුෂීය ගුණාංගවලින් ඔබේ ජීවිතය ද ප්‍රභාමත් වේවා යි ප්‍රාර්ථනය කරමි, යැයි ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා අද (15) දින යෙදෙන තෛපොංගල් උත්සවයට සුබපතමින් කියා සිටියි.

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ඉලක්කගත වැඩපිළිවෙළක් සැලසුම් කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු මහා පෙරහැර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09)රාත්‍රී පැවැත්විණි.

නිවසක් හෝ සුළු ව්‍යාපාරයක් හෝ ඉදිකිරීමේ සැලසුම් නිසි පරිදි සකසා ඇත්නම් ඊට අනුමැතිය එක් දිනකදී ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුරෝපා සංගමය නියෝජනය කරන මෙරට තානාපතිවරුන් අතර හමුවක් අද (06) පෙවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලදී හෝ ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනුවලදී කිසිදු විදේශ රටක් හමුවේ දනින් නොවැටෙන, දේශීය අභිමානය හා  ස්වෛරීභාවය සුරකිමින් සෑම රටක් සමඟම සම තත්ත්වයෙන් ගනුදෙනු කළ හැකි ගෞරවාන්විත පාලනයක් ස්ථාපනය කරන බවට ජනාධිපතිතුමා සහතික වෙයි.

“හැදෙන රටට - වැඩෙන ගසක්” තේමාව කර ගනිමින් ගස් දස ලක්ෂයක් සිටුවීමේ ජාතික රුක් රෝපණ වැඩසටහන සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද අද (01) පෙරවරුවේ එක් විය.

පැවති සෑම රජයක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව තම ධූර කාලයේ දී අවසන් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ජීවන වියදම් කැබිනට් අනු කමිටුව ප්‍රථම වරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

දේශීය කලාව සහ කලාකරුවා නඟා සිටුවීමට සිය ධූර කාලය තුළ උපරිම වශයෙන් කැපවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහතික වෙයි.