ලෝක ආර්ථික පුනර්ජීවනයට බ්‍රික්ස් රටවල 12 වැනි නායක සමුළුව විශාල රුකුලක්

නොවැ 20, 2020

    බ්‍රික්ස් රටවල 12වැනි නායක සමුළුව පසුගියදා වීඩියෝ ආකාරයෙන් පැවැත්විණ.

    චීන වාණිජ අමාත්‍යංශයේ ජාත්‍යන්තර ආයතනයේ උප ප්‍රධානී Chen Chao මහතා පසුගිය 18 වැනි දින පෙන්වා දුනනේ, වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ අංශවලට වැඩි අවස්ථාවන් නිර්මාණය කිරීම සඳහා මෙන්ම, ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ සහයෝගීතාවට වසංගතයෙන් ඇතිවූ බලපෑම් අවම කිරීම සඳහා ද, මෙම රැස්වීමේ සාමාජිකයින් වෙළඳ පහසුකම් සැපයීමේ මට්ටම තවදුරටත් ඉහළ නැංවීමට තීරණය කර ඇති බවයි.

    බ්‍රික්ස් රටවල සාමාජිකයෝ බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දුන්හ.

    මෙම සමුළුව කුඩා හා මධ්‍යම හා ක්ෂුද්‍ර ව්‍යවසායන්ට ද වෙළඳ හා ආයෝජන ක්‍රියාකාරකම් සිදු කිරීමට සහ ගෝලීය වටිනාකම් දාමයට ඒකාබද්ධ වීමට හිතකර තත්ත්වයක් නිර්මාණය කර තිබේ.

    වර්තමානයේ ගෝලීය වසංගතය අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පවතින අතර ලෝක ආර්ථිකය බරපතල පසුබෑමකට ලක්ව ඇත.

    මෙම තත්ත්වය යටතේ, බ්‍රික්ස් සහයෝගීතාවයේ සහජීවනය වැඩි දියුණු කිරීම හා ලෝක ආර්ථික පුනර්ජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා, මෙවර නායක සමුළුව ඉතා වැදගත් වන බව, Chen Chao මහතා සඳහන් කළේය.

    Latest News