අමෙරිකාවේ ෆයිසර් සමාගමේ කොටස් අලෙවිය ඉහළට

නොවැ 13, 2020

    ජර්මනියේ බයෝ එන්ටෙක් සහ ඇමෙරිකාවේ ෆයිසර් සමාගම එක්ව නිපදවූ නවතම කෝවිඩ් නයින්ටීන් එන්නත සියයට අනූවක සාර්ථක මට්ටමක් පෙන්වීමත් සමග ෆයිසර් සමාගමේ කොටස් අලෙවිය වේගවත්වී තිබෙනවා.

    ෆයිසර්හි ප්‍රධාන විධායක ඇල්බර්ට් බෝර්ලා සදහන් කළේ තම සමාගමේ ඇමෙරිකා ඩොලර් මිලියන පහයි දශම හයක කොටස් විකුණා දැමීමට හැකියාව ලැබුණු බවයි.

    මෙම ඖෂධ සමාගම් දෙක හවුල්කාරීත්වයෙන් නිපදවූ කොරෝනා වෛරසය මර්දනය සඳහා වූ එන්නත ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූවන් යොදාගෙන සිදුකළ පර්යේෂණවලදී සියයට අනූවකට වඩා ඵලදායී බවක් පෙන්වන බවට තොරතුරු හෙළිවිය.

    කෙසේ වෙතත් මෙම එන්නත ලබන දෙසැම්බර් මස මැද භාගයේ සිට ඇමෙරිකානුවන්ට ලබාදීමට නියමිතයි.

    තවද යුරෝපා සංගමය ද මෙම එන්නත් මාත්‍රා මිලියන ගණනක් මේ වනවිටත් ඇනවුම්කර ඇති බව ද වාර්තා වේ.

    Last modified on සිකුරාදා, 13 නොවැම්බර් 2020 12:21

    Latest News