උග්‍ර ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක්

අප්‍රේ 03, 2020

    ගෝලීය වෙළෙඳපොළේ උග්‍ර ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට ආයතන 03ක ප්‍රධානීහු අනතුරු අඟවති.

    එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝක වෙළෙඳ සංවිධානය ඒකාබද්ධව නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වේ.

    කෝවිඩ් - 19 හේතුවෙන් අපනයන සීමාවීම් හා ගෝලීය වෙළෙඳපොළේ දැඩි ආහාර හිඟයක් ඇතිවිය හැකි බව ද සඳහන් කෙරේ.

    කුමන තත්ත්වයක් මතුවුවත් වෙළෙඳාම් කටයුතු නිදහසේ කරගෙන යාමට ඉඩ දෙන්නැයි ඔවුන් රජයන්ගෙන් ඉල්ලා සිටී.

     

     

    Latest News