දක්ෂතම මෝටර් රථ ධාවකයා උෂාන් පෙරේරා. වලව සුපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය අද පැවැත්වුණේ, උඩවලව සෙවණගල සුපර්ක්‍රොස් ධාවන පථයේදී. විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය මෙය සංවිධාන කර තිබුණේ 9 වැනි වරට. ඊට තරග 24ක් ඇතුළත් විය. යතුරුපැදි අංශයෙන් ඉහළ දක්ෂතා දැක්වීමට රමීෂ් බුල්ජන්ස් සමත්වූ අතර, මෝටර් රථ අංශයේ ඉහළ දක්ෂතා දැක්වූයේ උෂාන් පෙරේරායි.