ඇරඹුමේ ජයග්‍රහණය ජැෆ්නා කිංග්ස් ට

ජූලි 31, 2023

    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේ ජය හිමි කර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

    ඒ, කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරාජය කරමින්. තරගය ඊයේ පැවැත්වුණේ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

    ‍එල්පීඑල් තරගාවලියේ සිව් වැනි අදියරේ ප්‍රථම තරගයේ කාසියේ වාසිය හිමිකරගත්තේ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ නායක නිරෝෂන් දික්වැල්ල.

    ඔහු ප්‍රතිවාදී කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළා. ඒ අනුව, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු ලකුණු 173 ක් රැස් කළා. ටව්හිඩ් හිදෝයි ලකුණු 54 යි.

    පිළිතුරු ලෙස කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 4 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 152 ක් පමණයි.

    නිරෝෂන් දික්වැල්ල ලකුණු 58 යි. පන්දු යැවීමේදී හෝ‍ඩස් විජියොන් කඩුලු 3 ක් දවා ගත්තා. විජේකාන්ත් වියස්කාන්ත් සහ ඩිල්ශාන් මදුශංක කඩුලු 2 බැගින් බිඳ හෙලුවා. තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ජය ගත්තේ ලකුණු 21 කින්.

    Latest News