එංගලන්තයේ වීරයා පිටියට සමුදෙයි

ජූලි 30, 2023

    එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් අළු බඳුන තරගාවලියේ පසු ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    එම තීරණය පිළිබඳව තම කණ්ඩායමේ සගයන් වන ජේම්ස් ඇන්ඩර්සන් සහ ජෝ රූට් ට සිකුරාදා දැන්වූ බව ඔහු සිය අවසන් තීරණය ගැන නිවේදනය කරමින් ඊයේ (29) ප්‍රකාශ කළා.

    පසුගිය සතියේ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ටෙස්ට් තරගයේ දී ටෙස්ට් කඩුලු 600ක් දවාගත් ස්ටුවර්ට් බ්‍රෝඩ් ටෙස්ට් ඉතිහාසයේ පස්වන වැඩිම කඩුලු ලාභියා ලෙස ද හැඳින්විය හැකියි.

    බ්‍රෝඩ් ටෙස්ට් තරඟ 166ක් වෙනුවෙන් එංගලන්තය නියෝජනය කර ඇති 37 හැවිරිදි බ්‍රෝඩ් එහිදී ලබාගෙන ඇති කඩුලු ගණන 602 ක්. 

    Last modified on ඉරිදා, 30 ජූලි 2023 11:08

    Latest News