ආසියානු දැල්පන්දු තරගාවලියේ පිලිපීනය සමග පැවති තරගයේ ජය ශ්‍රී ලංකාවට...

සැප් 05, 2022

    ආසියානු දැල්පන්දු තරගාවලියේ පිලිපීනය සමග අද පැවති තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

    තරගාවලිය පැවැත්වෙන්නේ, සිංගප්පූරුවේදී. ශ්‍රී ලංකාව, තරගාවලියේදී මුහුණ දුන් දෙවැනි තරගය මෙයයි. අද තරගය ආරම්භයේ සිටම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කළා. පළමු අර්ධය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණ ගත්තේ, ලකුණු 52-16 ක් ලෙසයි. දෙවැනි අර්ධයේදී ශ්‍රී ලංකාව තවත් ලකුණු 47 ක් රැස් කළා. ප්‍රතිවාදී පිලිපීනය එම අර්ධයේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 21 ක්. ඒ අනුව, ලකුණු 99-37 ක් ලෙස තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. මූලික වටයේ තමන් මුහුණ දුන් පළමු තරගයේදී ශ්‍රී ලංකාව ජය ගත්තේ, ඉන්දියාව පරාජය කරමින්.

    Latest News