අත්අඩංගුවට ගැනිම වැලැක්විමට රාජිතගෙන් අපේක්ෂිත ඇප අයදුමක්

දෙසැ 19, 2019

    අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බැවින් අත්අඩංගුවට ගැනීමට ඇප මත මුදාහරින්නැයි නියෝගයක් ඉල්ලා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කළේය.

    සිය නීතිඥයින් මාගින් ගොනුකර කළ අපේක්ෂිත ඇප අයදුම්පතේ වගඋත්තරකරුවන් ලෙස රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් නම් කර ඇත. පසුගිය ජනාධිපතිවරණය සමයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පෙත්සම ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කියා සිටි.

    එම පරීක්ෂණයට අදාලව තමන්වද අත් අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය සූදානම් වන බවද සේනාරත්න මහතා අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.

     

     

     

     

     

    Latest News