අමාත්‍යධූර බාරගැනීමේ තීන්දුව සැමගේ එකඟතාවයටයි; රිෂාඩ්

ජූලි 15, 2019

    අමාත්‍යධූර බාර ගැනීම සම්බන්ධයෙන් තීරණය කිරීම සියලු දෙනාගේ එකඟතාව මත සිදුකරන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, මාධ්‍යයට අදහස් දක්වමින්. එහිදී අදහස් පළ කළ රිෂාඩ් බදියුදීන් මහතා....

    “අමාත්‍යාංශය කවදද ඕනේ කියලා අපේ පක්‍ෂයෙන් තමයි තීන්දු අරගෙන, අපි අපේ පක්‍ෂයත් එක්ක සාකච්ජා කරලා ඊට පස්සේ තමයි ගන්නේ. රට ඇතුළේ සහජීවනය කඩාකප්පල් කරලා, බෞද්ධ, මුස්ලිම් ජනතාව අතර භීතියක් ඇතිකරලා, ප්‍රශ්නයක් ඇතිකරලා, රට ඇතුලේ විනාශයක් ඇති කරන්න සමහර කණ්ඩායම් කටයුතු කළා. ඒ වෙලාවේදි අපේ සියලුම මුස්ලිම් ඇමතිවරු රට වෙනුවෙන් රට ඇතුලේ සහජීවනය ඇතිකරලීම සඳහා අපි ඉල්ලා අස්වුණා. ඒ වගේම බාරගන්නවා නම් අපි ඔක්කෝම එකට තමයි බාරගන්නේ.“ යැයි රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    Latest News