ජවිපෙන් විශේෂ යෝජනා මාලාවක් මල්වතු මහනාහිමියන්ට (වීඩියෝ)

ජූලි 02, 2019

    ජාතියක් ලෙස ඉදිරියට යාමට නම් රට තුළ පොදු නීති පද්ධතියක් ක්‍රියාත්මක විය යුතු බව, ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    එහි නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (02) පස්වරුවේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමින්. ජනතා විමුක්ති පෙරමුණ රට හමුවේ තබන විශේෂ යෝජනා මාලාව සම්බන්ධ වැඩසටහන පිළිබඳ කරුණු ඇතුළත් ග්‍රන්ථය මෙහිදී මහනාහිමියන් වෙත පිළිගන්වනු ලැබුවා. අනතුරුව වැඩසටහන පිළිබඳව උන්වහන්සේ වෙත පැහැදිලි කිරීමක් සිදු කෙරිණ.

    එහිදි අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා...

    “එක රටක් හැටියට අපේ රට ඉස්සරහට යන්න නම් පොදු නීතියක් බවට පත්විය යුතුයි. ඒ වගේම අධ්‍යාපනයේ විශාල ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. ආගමට විශාල වගකීමක් තියෙනවා. මේ තත්වය සමනය කරන්න. ඒ පිළිබඳව කරුණු ඇතුළත් යෝජනා මාලාවක් අපි සකස් කළා. එම යෝජනා මාලාව අද මහනාහිමියන්ට පිළිගැන්වුවා“ යැයි අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 02 ජූලි 2019 20:19

    Latest News