පාඨලීගෙන් 'පන්නරය' එළිදකී 

ජූලි 02, 2019

    මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙරෙන “පන්නරය“ වැඩසටහන කොළඹ වෝටර්ස් ඒඩ්ජ් හෝටලයේදී ඊයේ (02) එළිදැක්විණ.


    ඒ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්. රජය පසුගිය සමයේ සිදු කළ සුවිසල් සංවර්ධන ව්‍යාපෘතීන් පිලිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා භෞතික සංවර්ධනයට සමගාමීව මානව සංවර්ධනය සිදු කිරීමේ අභිලාෂයෙන් පන්නරය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

    නාගරික සංවර්ධනය යටතේ ක්‍රියාත්මක ප්‍රධාන ව්‍යාපෘති ගණන 14ක්. නිහඬව රට වෙනුවෙන් කැපවන අප්‍රකටව සිටින යකඩ මිනිසුන් හරහා පන්නරය වැඩසටහන පෝෂණය වේ. නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහාත ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

     

     

    Last modified on බදාදා, 03 ජූලි 2019 14:36

    Latest News