දින 10න් ඇඳන් දස දහසක් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මකයි.....

මැයි 16, 2021

    කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා දින දහයක් ඇතුළත ඇඳන් දස දහසක් ලබාදීමේ කඩිනම් වැඩසටහන ස්ථාන ගණනාවකදී ක්‍රියාත්මකයි.


    ඊට මූලිකත්වය ගෙන ක්‍රියා කරන්නේ, අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතායි. ඇඳන් සකස් කිරීමට දිවයිනේ විවිධ ආයතන ඉදිරිපත්ව සිටී. අම්පාර දිස්ත්‍රික් ජාතික තරුණ සේවා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ තරුණියින්ද ඇඳන් සකස් කිරීමේ නිරතව සිටී.

    අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා අද එම ස්ථානය නිරීක්‍ෂණය කළේය. මෙම දිස්ත්‍රික්කයේ ස්ථාන 4ක ඇඳන් සැකසීම සිදු කෙරෙන අතර, කොවිඩ් රෝගීන් වෙනුවෙන් ඇඳන් 200ක් සාදා බාරදීමට නියමිතයි.

    අම්පාර හාඩි උසස් අධ්‍යාපන ආයතනය යටතේ පවත්වා ගෙන යනු ලබන කොවිඩ් 19 කාන්තා නේවාසිකාගාරයේ කටයුතු සොයා බැලීමට ද නාමල් රාජපක්‍ෂ මහතා එක්විය.

    Latest News