පාස්කු වාර්තාව අධ්‍යයනයට ජනපති කමිටුවක් පත් කරයි

පෙබ 20, 2021

    පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධ විමර්ශණ වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කමිටුවක් පත්කර තිබෙනවා.

    විමර්ශණ වාර්තා කරුණු හා නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ ක්‍රියා කළයුතු ආකාරය වාර්තා කිරීමට ජනාධිපතිවරයා විසින් එම කමිටුව පත්කර ඇත.

    කමිටුවේ සභාපති ධූරයට අමාත්‍ය චමල් රාජපක්ෂ නම්කර ඇති අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරු සෙසු සාමාජිකයන් ලෙස නම්කර තිබෙනවා.

    මෙම කමිටු වාර්තාව 2021 මාර්තු 15 දිනට පෙර ඉදිරිපත් කරන ලෙසට උපදෙස් දී ඇත.

    Latest News