ඒ අනුව එළඹෙන 22දා ජගත් මානව හිමිකම් කවුන්සලයේ 46 වැනි නිත්‍ය සැසිවාරය ආරම්භ කිරීමට නියමිතව තිබෙන අතර, එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනාවට රටවල් රැසක විරෝධය පළ කර තිබෙන බව මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා ප්‍රකාශ කරයි.
දරුස්මාන් වාර්තාව තුළින් ඉදිරිපත් කරන ලද කරුණුම මෙවර වාර්තාවටද අන්තර්ගත කර තිබෙන බව පෙන්වා දෙන ඇමැතිවරයා මේ කරුණු පදනම් කරගෙන අමෙරිකාව, එංගලන්තය, ජර්මනිය, කැනඩාව, මොන්ටිග්‍රෝ, මැසිඩෝනියාව යන රටවලින් සැදුම්ලත් කෝ ගෘප් විසින් අපේ රටට විරුද්ධව යෝජනාවක් ඉදිරිපත් කිරීමට උත්සාහ දරන බවද මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කොට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය බෙදීමෙන් වළකින ලෙස බොහෝ රටවල් ප්‍රකාශ කර තිබෙන බවද පෙන්වා දෙයි.