මෙම නඩුවට අදාළ අධිචෝදනා පත්‍ර ඉකුත්දා විත්තිකරුවන්ට භාරදීමෙන් පසුව ඔවුන්ට නියම කරන ලද ඇපයට අදාළ කොන්දේසි සපුරා තිබේදැයි පරීක්ෂා කිරීම සඳහා එය අද (12) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
ඒ අනුව, ඇප කොන්දේසි වලට අදාළ ලේඛන කාර්යාලයට භාරදෙන ලෙස අධිකරණය හමුවේ පෙනීසිටි රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් යන විත්තිකරුවන්ට නියම කළ විනිසුරුවරයා නඩුව නැවත අප්‍රේල් මස පළමුවනදා කැඳවන ලෙස නියෝග කළේය.
2016 වසරේ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් මෙම නඩුවේ දෙවන විත්තිකාර අර්ජුන් ඇලෝසියස් මහතා අධ්යක්ෂ ධුරයක් දරන වෝල්ට් සහ රෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගමේ නමට ලබාගෙන තිබූ "මොනාර්ක් නිවාස සංකීර්ණයේ" පිහිටි නිවසක පදිංචිව සිටීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වෙත එම අධිචෝදනා පත්‍ර තුළින් චෝදනා එල්ලකර තිබේ.
එම නිවස සඳහා විත්තිකාර අර්ජුන් ඇලෝසියස් මහතා අධ්යක්ෂ ධුරයේ කටයුතු කරන වෝල්ට් සහ රෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගම සහ පර්පචුවල් කැපිටල් සමාගමේ චෙක්පත්වලින් රුපියල් මිලියන 11.68 ක මුදලක් ගෙවා ඇති බව ද එම චෝදනාවල දැක්වේ.