ඒ කොළඹ සම්බෝධි විහාරයේදිය.
මෙහිදී පාර්ශ්ව රැසක් දීඝවාපිය චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිය මුදල් ආධාර ජනාධිපතිවරයා වෙත ලබාදීමට කටයුතුකර තිබුණි.
'යළි දකිමු දීඝවාපිය' නිල වෙබ් අඩවිය එළිදැක්වීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුවිය.
එහිදී අදහස් දැක්වූ නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්යය සාධන බලකායේ සභාපති, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ, දීඝවාපිය චෛත්‍ය වසර 03ක් තුළ ප්‍රතිසංස්කරණය කර බැතිමතුන්ට වැඳපුදා ගැනීමට අවස්ථාව ලබාදෙන බවය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායක් පත්කළ අතර එහි ප්‍රමුඛතම කාර්ය ලෙස තෝරා ගැනුණේ දීඝවාපි චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමය.