වර්තමාන කොවිඩ් - 19 වැළැක්වීමේ උපායමාර්ග සම්බන්ධයෙන් අවධානය

පෙබ 12, 2021

    ශ්‍රී ලංකාවේ වර්තමාන කොවිඩ් - 19 වැළැක්වීමේ උපායමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කෙරේ.

    කොවිඩ් - 19 වෛරසය දිවයින පුරා පැතිරයාම වැළැක්වීම සඳහා ගතයුතු උපායමාර්ගික ප්‍රවේශයන් පිළිබඳ සාකච්ඡා කිරිමේ තවත් විශේෂ සාකච්ඡාවක් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැත්විණ.

    මීට දින කිහිපයකට පෙර ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් පත්කරන ලද විශේෂ විද්වත් මණ්ඩල කමිටුව විසින් නිකුත් කරන ලද අතුරු වාර්තාව රැස්වීමට ඉදිරිපත් කෙරුණු අතර, ශ්‍රී ලංකාවේ වර්තමාන කොවිඩ් - 19 වැළැක්වීමේ උපායමාර්ග සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදී සමාලෝචනය කෙරිණ.

    මෙම සමාලෝචන ක්‍රියාවලිය මගින් මෙතෙක් සිදු කරන ලද නිරීක්‍ෂණ හා නිර්දේශ වලට අනුව දැනට ක්‍රියාත්මක කරන සමස්ත උපායමාර්ග වැඩිදියුණු කිරීම, ජාතික මට්ටමේ සම්බන්ධීකරණ වැඩසටහන්, සැලසුම් කිරීම හා අධීක්‍ෂණ එකාබද්ධව තීරණ ගැනීමේ ක්‍රියාවලිය, තොරතුරු හා දත්ත කළමනාකරණය පිළිබඳව සාකච්ඡා කර තිබේ.

    Latest News