පාසල් අධ්‍යාපනයට අපරාධ නීතිය ඇතුළත් කෙරේ

පෙබ 11, 2021

    පාසල් අධ්‍යාපනය සඳහා අපරාධ නීතිය ඇතුළත් කිරීම පිළිබඳ යෝජනාවක් අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ, අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවැති අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී ඉදිරිපත්වී තිබේ.

    අපරාධ නීති පද්ධතිය ප්‍රතිසංවිධානය කිරීමට සමගාමීව ළමයින් සම්බන්ධව පනවන නීතිරීති සංශෝධනය කිරීමට මෙහිදී යෝජනා වී ඇතැයි අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

    අධිකරණ කටයුතු පිළිබඳව වූ උපදේශ කාරක සභාවේ යෝජනා සම්බන්ධයෙන් මාස 02ක් ඇතුළත වාර්තාවක් සකස් කිරීමට ද එහිදී තීරණය වී තිබේ.

    මෙම කාරක සභාවට බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ ද සහභාගි විය.

    Latest News