මුඛ ආවරණ නොමැති 527 ක් අත්අඩංගුවට

නොවැ 24, 2020

    මුඛ ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පසුගිය දින 25 තුළදී පොලීසිය විසින් පුද්ගලයන් 527 දෙනකු අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

    නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ රෙගුලාසි ගැසට් කර සති දෙකකට පසුව, එනම් ඔක්තෝබර් මස 30 වැනිදා සිට මුඛ ආවරණ පැළඳ නොසිටින සහ සමාජ දුරස්ථ නීති උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පොලීසිය විසින් ආරම්භ කරන ලදී.

    අත්අඩංගුවට ගත් පුද්ගලයන්⁣ 527 දෙනා අතරින් 62 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය පැය 24 තුළදී බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

    නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ ඉදිරියේදී එම පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කරන බවද අජිත් රෝහන මහතා වැඩි දුරටත් කියා සිටියේය.

    Latest News