මැදපෙරදිග සිරවී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාව

නොවැ 24, 2020

    මැදපෙරදිග රටවල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවක් ලබා දී ඇතැයි, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

    එම රටවල සිරවී සිටින පිරිස දැඩි අපහසුතාවට ලක්ව ඇති බැවින් මෙම ප්‍රමුඛතාව ලබා දෙනු ඇත.

    ඊයේ(23) දිනයේ දී කුවේට් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයින් 326දෙනෙක් දිවයිනට පැමිණි බවත් අද (24) දිනයේ දී තවත් 188දෙනෙකු දෝහා කටාර් සිට රැගෙන ඒමට නියමිත බව යුද හමුදාපතිවරයා පැවසීය.

    එසේම මෙම ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ දී ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය හරහා අදාළ තානාපති කාර්යාල දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇති බවත් ලබන සතිය පුරාවට ද ලාංකිකයින් දිවයිනට රැගෙන ඒමට ගුවන්ගමන් සූදානම් කර ඇති බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Latest News