හෙට (09) සිට රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය, අවම කාර්ය මණ්ඩලයක් සේවයට...

නොවැ 08, 2020

    හෙට (09) නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළ ද රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය, අවම කාර්ය මණ්ඩලයක් පමණක් සේවය කැඳවිය යුතු බව දන්වා තිබේ.

    දැනට බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීතිය හෙට (09) ඉවත් කරනු ලැබුව ද සෞඛ්‍යාරක්‍ෂිත තත්වයන් සලකා, රාජ්‍ය ආයතනයන්හි සේවයට කැඳවිය යුත්තේ රාජකාරී පවත්වා ගෙන යාමට අත්‍යවශ්‍ය වන අවම කාර්ය මණ්ඩලයක් පමණක් බව රාජ්‍ය සේවා, පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දෙයි.

    මෙහිදී ද ඒ ඒ ආයතන ප්‍රධානීන් විසින් සේවයට කැඳවන අවම කාර්ය මණ්ඩලය සම්බන්ධව තීරණය කළ යුතු බව ද, සෙසු කාර්ය මණ්ඩලය දැනට ක්‍රියාත්මක වන පරිදි නිවසේ රාජකාරි කටයුතු සිදු කළ යුතු බව ද අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසයි.

    Latest News