උසස් පෙළ ප්‍රවේශපත් සම්බන්ධයෙන් නිවේදනයක්

ඔක් 09, 2020

    පැවැත්වීමට නියමිත 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා මේ වන තෙක් ප්‍රවේශපත් නොලැබුණු අයදුම්කරුවන්ට අදාළ ප්‍රවේශපත්‍රය සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර බාගත කර ගතහැකියි.

    මේ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස http://www.slexams.com/ ඔස්සේ බාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

    මේ පිළිබඳව නිවේදනයක් නිතුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කර ඇත.

    මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය ඔක්තොබර් මස 12 වන දින සිට 2020 නොවැම්බර් මස 06 වන දා දක්කවා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2684ක දී පැවැත්වීමට කයුතු සූදානම් කර තිබේ.

    අයදුම්කරුවන් 362,824 දෙනෙකු අයදුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

    Latest News