ජංගම රථමගින් මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම

මාර් 28, 2020

    ජනතාවට ජංගම රථ මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම දිවයිනපුරා අඛණ්ඩව ක්‍රියාත්මකයි. අප වාර්තාකරු පවසන්නේ, මේ වන විට විශාල පිරිසකට භාණ්ඩ මලු ලැබී ඇති බවයි.

    ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් පරිදි ඇදිරි නීති කාලසීමාවේ කෝප් සිටි, ජංගම වෙළෙඳ සේවාව මගින් වියළි ආහාර ද්‍රව්‍ය ගම්මානවලට ගොස් අලෙවි කිරීමටයි, පියවර ගෙන ඇත්තේ. ප්‍රදේශ රැසකට අවශ්‍ය ආහාර මලු සැකසීම ඊයේ සිදු කෙරුණේ, අනුරාධපුර කෝප් සිටි ආයතනයේදී.

    බලපිටිය ප්‍රදේශයේ සමෘද්ධිලාභී පවුල් 5,468කට වියළි ආහාර ද්‍රව්‍ය මලු බෙදාදීම ඊයේ ආරම්භ කෙරිණ. රුපියල් 1,500ක භාණ්ඩ ඊට ඇතුළත්. වියළි ආහාර ද්‍රව්‍ය මලු නිවෙස් වෙත ගොස් බෙදාදීම සිදු කෙරේ.

    Last modified on සෙනසුරාදා, 28 මාර්තු 2020 11:46

    Latest News