අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ තවත් තිදෙනෙකු අම්පාර පොලිසියේ නිළධාරින් කණ්ඩායමක් විසින් අද පස්වරුවේ දි අත්අඩංගුවට ගෙන තිබේ.
අයි.එස්. ත්‍රස්තවාදී කල්ලියට ඉරාකයේ හා සිරියාවේ කළ විවිධ ජාවාරම්වලින් ආදායම අහිමි වූ පසු අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරමට පිවිසී ඇතැයි, ජාත්‍යන්තර ආරක්ෂක වාර්තා පෙන්වා දෙයි.
ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයක් සමඟ සබඳතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ සුචිගත කිරීමේ නිලධාරියා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලැබී තිබේ.
අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කළ විශ්වාසභංගය මුල් අවස්ථාවේ දීම අවුල් කරගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.
කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ, සිටින වන අලීන්ට ජී.පී.එස්. තාක්ෂණය සහිත කරපටි පැළඳවීම මේ දිනවල සිදු කෙරේ.
ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මීලඟ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව ඇතැම් වෙබ් අඩවිවල හා පුවත්පත් පළ වී තිබේ.
සියලුම පාසල් සඳහා ආරක්ෂාව සැපයීම ත්‍රිවිධ හමුදාව හා පොලීසියේ ප්‍රමුඛතම කාර්ය ලෙස සළකා සියලු ආරක්ෂාව ලබාදී තිබෙන බැවින් දරුවන් හෙට දිනයේ සිට පාසල වෙත යැවීමට කටයුතු කරන ලෙස යුධහමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඉල්ලා සිටියි.
ජර්මානු ජාතික සංචාරකයන් පිරිසක් දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේදී වෙසක් උත්සවය සමරමින් සිසිල් බීම දන්සලක් පවත්වා තිබේ.
ජමාල් ඩී. ජවුශාඩ් නමැති පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක නිලධාරියා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුරුණෑගල පොලීසියට ආරක්ෂක අමාත්‍යංශයෙන් අවසර ලබා දී තිබේ.