පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නිල කාලය තවත් මසකින් පමණ දීර්ඝ වනු ඇතැයි, එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාසිරි මහතා පවසයි.

මරණ දණ්ඩනය අහෝසි කිරීම සහ ආනුෂංගික විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පත අද (1) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද පෙරවරු 10.30ට රැස්වීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා අධිකරණ ක්‍ෂේත්‍රයේ නිලධාරීන් හමුවීම කිසිසේත් අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක් නොවන බව, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම අරඹා තිබේ.

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ විවාදයට පාර්ලිමේන්තුව අද යළි රැස්වීමට නියමිතව තිබේ. 

අප්‍රේල් 21 ශ්‍රී ලංකාවේ විවිධ ස්ථාවල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන විශේෂ කාරකසභාවක් පත්කරන ලෙස යෝජනාව පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරෙනවා.

රට තුල පවතින වාතාවරණය පිළිබඳ සාකච්ජා කිරීමට අද විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා තිබේ.

පවතින තත්වය හමුවේ පාර්ලිමේන්තුව අනිද්දා(23) පස්වරුවේ කැඳවීමට තීරණය කර තිබේ.

පසුගිය වසරේ සිදුවූ දේශපාලන අර්බුධයට ප්‍රථම පැවැත්වූ අවසන් පාර්ලිමේන්තු සභා වාරයේදී, පාර්ලිමේන්තුවේ බහුතරක් මගින් සම්මත වූ හානි පුර්ණ කාර්යාල පනත පිලිබඳ විවිධ පාර්ශවයන් විවිධ ආකාරයේ මත පල කර තිබුණි.